හිටපු ජනපති, මහින්ද රාජපක්ෂගෙන් කඩල දන්සැලක් - විශාල සෙනගක් කඩල දන්සැලේ.. (PHOTOS)
Vesak Full Moon Poya
Mahinda Rajapaksa
Sri Lanka
By krishani
වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) කඩල දන්සලක් සංවිධානය කර තිබුණේ ය.
ඒ එතුමාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවස ඉදිරිපිටදී ය.
මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී විය.
කෙසේවෙතත්, එම දන්සල සඳහා විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.
මේ අතර, මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කර සිටියි.
එමෙන්ම, ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
එම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් පමණ සේවයේ නිරතවීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


