17 පෙම්වතා 21 පෙම්වතිය එක්ක ජංගල් බීච් ගිහින්.. එහෙදී නොහිතපු දෙයක් වෙලා.. මව හඬා වැළපෙමින් කීව දෙය.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Apr 02, 2024 06:19 PM GMT
krishani

krishani

Report

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගී වීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන් වී තිබෙනවා.

17 පෙම්වතා 21 පෙම්වතිය එක්ක ජංගල් බීච් ගිහින්.. එහෙදී නොහිතපු දෙයක් වෙලා.. මව හඬා වැළපෙමින් කීව දෙය.. (VIDEO) | A 17Year Old Student Has Been Missing For 15 Days

ඒ බව එම සිසුවාගේ ඥාතීන් කියා සිටියේ ය.

ඔහු, සිය 21 හැවිරිදි පෙම්වතිය සමග මුහුදු වෙරළට ගොස් සිටිය දී රළ පහරකට හසුවූ බව පෙම්වතිය පොලීසියට පවසා ඇත.

නමුත් ඒ සම්බන්ධයෙන් සිසුවාගේ ඥාතීන්ට සැක මතු වී ඇති බව වාර්තා වේ.

පසුගිය මාර්තු 18 වනදා සිට ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවා අතුරුදන්ව ඇත.

එදින පෙරවරුවේ අදාළ සිසුවා සිය නිවසින් පිටව ගොස් ඇත්තේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට යන බව මවට පවසා ය.

පසුව හෙළිවී ඇත්තේ 17 හැවිරිදි සෙනුක සිය 21 හැවිරිදි පෙම්වතිය සමග සවස් කාලයේ ගාල්ල ජංගල් බීච් වෙත ගොස් ඇයගේ උපන්දිනය සමරා ඇති බව ය.

ඉවසන්නම බැරි තැන බිරිඳක් සැමියව කණුවක තියලා බැඳලා - අවසානයේ සිදුවුණ දෙය..

ඉවසන්නම බැරි තැන බිරිඳක් සැමියව කණුවක තියලා බැඳලා - අවසානයේ සිදුවුණ දෙය..


එලෙස ජංගල් බීච් හි රැඳී සිට ආපසු පැමිණීමට සූදානම් වෙද්දි එකවරම ආ රළ පහරකට ඔවුන් දෙදෙනා මුහුදට ඇදවැටුණු බව අදාළ තරුණිය පවසා තිබෙනවා.

නමුත් ඇය ඉන් බේරුණු බවත් පෙම්වතා දියේ ගිලුණු බවත් අදාළ තරුණිය පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විසින් පූර්ණ විමර්ශනයක් සිදුකරනු ලබයි.

වීඩියෝ දර්ශන - Ada Derana