සත්‍තු වත්තෙන් වෘක රංචුවක් පැනයයි...ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 04ක් මරුට..
India
Sri Lanka
Thrincomale
Oil tanks
By Aruna
වෘකයින් 09 දෙනෙකුගෙන් යුත් රංචුවක් පළායාම හේතුවෙන් දකුණු දිග ප්‍රංශයේ ට්‍රොයිස් වැලීස් නැමැති සත්ත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.
අදාළ වෘකයින් සිය කූඩුවලින් පැන පළායාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෘකයින් සිව්දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සිදුවීමේන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර වෘකයින් කූඩුවලින් පැනයන අවස්ථාවේ අවම පිරිසක් සත්වෝද්‍යානය තුළ රැදී සිට ඇති බව සඳහන් වේ.
සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව තහවුරු කරනතුරු එය තාවකාලිකව වසා දමා ඇති අතර අක්කර 60ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම සත්ත්වෝද්‍යානයේ සතුන් 600කට අධික පිරිසක් සිටි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |