බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකායේ පුහුණුලාභීන් 8841ක් සේවයෙන් ඉවතට...
By Parami Dissanayake
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය සඳහා බඳවා ගන්නා ලද පුහුණුලාභීන්ගෙන් 8841 දෙනෙක් විවිධ හේතු මත සේවයෙන් ඉවත් වී තිබේ.
එම බළකායට බඳවා ගෙන ඇති තරුණ තරුණියන් සංඛ්‍යාව තිස්අට දහස් තුන්සිය හැත්තෑපහක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට විසි තුනකි.
එම බළකායේ අවසන් පුහුණුව සමත් තරුණ තරුණියන් තිස්හතර දහස් හත්සිය විසිහතෙන් පත්වීම් ලබා දී ඇත්තේ විසිතුන් දහස් විසිහතරකට පමණක් යැයි අනාවරණය වී තිබේ.
ඒ අනුව, තරුණ තරුණියන් එකොළොස් දහස් හත්සියයකට පමණ මේ දක්වා පත්වීම් ලබා දී නොමැති බව ද මෙම පරීක්ෂණයෙන් හෙළි වී ඇත.
එම පරීක්ෂණ වාර්තාව සඳහන් කර තිබෙන්නේ, ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබෙන අතර පත්වීම් ලැබූ සහ නොලැබූ සියලු දෙනාට මේ වන විට රුපියල් එකොළොස් කෝටි හතළිස් අට ලක්ෂයකට අධික මුදලක් ගෙවා ඇති බව ය.