නාගදීප පොලිස් මුරපලේ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 15, 2024 05:21 PM GMT
Report

යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි කියන නාගදීප පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුර හොබවන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් මූලස්ථාන පොලිසිය පැවසී ය.

2036 වසරේ ඔලිම්පික් සත්කාරක රටවල අතරට ඉන්දියාවත්...

2036 වසරේ ඔලිම්පික් සත්කාරක රටවල අතරට ඉන්දියාවත්...

අත්අඩංගුවට ගැනුණ පොලිස් සැරයන්වරයා පානය කිරීමට රැගෙනවිත් තිබූ අරක්කු ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසීය.

කෙසේ වෙතත්, සැරයන්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීහු කටයුතු යොදවා ඇති බව ද සඳහන් ය.