වේල්ලක් පුපුරා යාමෙන් ගම්මාන 80ක් යටවෙයි. (VIDEO)
දැනට රුසියාවේ පාලනය යටතේ පවතින යුක්රේනයේ නෝවා කශ්කෝවා හි පිහිටි ප්‍රධාන වේල්ල පුපුරා ගොස් ගම්මාන 80ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.
එමඟින් දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වේල්ල පිහිටි ජලාශය යුක්රේනයේ ප්‍රධාන වශයෙන් ජල විදුලි උත්පාදන මාර්ගය වන අතර එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාවය මෙගාවොට් 357ක්.
මේ අතර යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය උණුසුම් ජලය මෙම ජලාශය හරහා ලබාගන්නා අතර කෘෂිකර්මාන්තයට ද මෙමඟින් ජලය සැපයෙනවා.
මෙම වේල්ල පුපුරා ගියේද නැත්නම් කිසියම් ප්‍රහාරයකට ලක්ව පුපුරා ගියේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.
කෙසේ වෙතත් ඒ, සම්බන්ධයෙන් යුක්රේනය සහ රුසියාව මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියේ මෙම ක්‍රියාව සියලු දෙනාට විනාශකාරි ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |