ගතවූ පැය 24 තුළ 80ක් රෝහලේ

National Health Service Latest Headlines Sinhala news
By Mithu Apr 15, 2025 06:36 AM GMT
Mithu

Mithu

Report

 අලුත් අවුරුදු උදාවත් සමග දිවයින තුළ අනතුරු බහුල වශයෙන් සිදුවීම සෑම වසරකම සිදුවේ. ඒ අනුව ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් තුවාල ලැබූවන් 30ක් පමණ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙතන සැහැල්ලු ඇඳුමෙන් සිටියා නම් හොඳ නැති ද? වැඩ අල්ලයි (PHOTOS)

මෙතන සැහැල්ලු ඇඳුමෙන් සිටියා නම් හොඳ නැති ද? වැඩ අල්ලයි (PHOTOS)

එසේම ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙනුයේ අවුරුදු උදාවත් සමග විවිධ කටයුතුවලදී හදිසි අනතුරු සිදුවන බැවින් මෙම අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසය.

මෙම සෑම හදිසි අනතුරක්ම වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනුයේ උත්සව සමයේදී ආරක්ෂාකාරීව සිය දෛනික කටයුතු සිදු කිරීමෙන් සිදුවිය හැකි මෙම අනතුරු වළක්වා ගත හැකි බවය.

ලිහිසි තෙල් ගනන් උස්සයි - ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

ලිහිසි තෙල් ගනන් උස්සයි - ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

ReeCha