හෙට පාර්ලිමේන්තුව රැස්වෙන්නෑ
පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන, හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණය කර ඇත.
අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය.
එම නිවේදනයට අනුව, බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීමේදී ඇතිවන බාධක හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ තීරණය අනුව, ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී බදාදා දිනවල රැස්වීම් සැලසුම් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.