''ලක්ෂ 8ක අල්ලස ගද්දී සේරම කැමරාවට මට්ටු'' - බැංගලෝරයේ උපායට අසුවුණු නිලධාරියා ලෝකයටම පාඩමක්'' [VIDEO]
ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී රුපියල් ලක්ෂ 8ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ මධ්‍යම GST දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෝකායුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු කොමසාරිස් කාර්යාලයට අයත් South Division-4 හි මධ්‍යම GST අධිකාරීවරයෙකු ලෙස කටයුතු කරන මොහිත් ප්‍රතාප් සිං නමැති නිලධාරියෙකි.
ලෝකායුක්ත නිලධාරීන් සඳහන් කරන්නේ, ව්‍යාපාරිකයෙකුට එරෙහිව පවතින මධ්‍යම GST බදු ගෙවීම් සම්බන්ධ ගැටලුවක් සහ ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බව කියන පැමිණිල්ලක් අවසන් කරදීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.
එම පැමිණිල්ලෙන් අනතුරුව බෙංගලූරු නගර ලෝකායුක්ත නිලධාරීන් විසින් උපායමාර්ගික මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී අතරමැදියෙකු මාර්ගයෙන් අල්ලස් මුදල ලබාගැනීමට යාමේදී අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත් බව ලෝකායුක්තය සඳහන් කර ඇත.
මෙම සිද්ධිය කැමරාවක ද සටහන් වී ඇති බව වාර්තා වේ. මෙම ගනුදෙනුවේදී සල්මාන් ෂෙයික් නමැති පෞද්ගලික පුද්ගලයෙකු අතරමැදියෙකු ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුද නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
අල්ලස් මෙහෙයුම බෙංගලූරුවේ කොරමංගලා ප්‍රදේශයේ කෙන්ද්‍රිය සදාන් ගොඩනැගිල්ලේදී සිදුකර ඇති අතර, එහිදී අදාළ නිලධාරියාගේ කාර්යාලය තුළ මුදල් භාරගැනීමට උත්සාහ කළ බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් 1988 අල්ලස් වැළැක්වීමේ පනතේ 2018 සංශෝධනය යටතේ 7A වගන්තිය අනුව නඩුවක් ගොනු කර ඇති බව ලෝකායුක්තය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව බලධාරීන් සඳහන් කර තිබේ.