බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනෙකු අභිරහස් ලෙස මියයෑම ගැන විමර්ශනයක්

Report

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ බන්ධනාගාරයක රඳවා සිටි සිරකරුවන් 33 දෙනෙකු අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.

වාර්තා වන පරිදි, එරට ක්‍රියාත්මක වන නීති විරෝධී පතලක සේවය කළ පුද්ගලයන් 65 දෙනෙකු ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් ප්‍රාදේශීය බන්ධනාගාරයක රඳවා සිට ඇත.

බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර ඇත්තේ එම පිරිසෙන් 33 දෙනෙකු පසුව මියගොස් ඇති බවයි. ඔවුන්ගේ මරණයට හේතුව ලෙස අභිරහස් රෝගී තත්ත්වයක් සැක කරන බවද නිලධාරීන් පවසා තිබේ.

කෙසේ වෙතත්, කුඩා බන්ධනාගාරයක අධික තදබදයක් පැවතීම හේතුවෙන් සිරකරුවන් පිරිසක් හුස්ම ගැනීමේ අපහසුතාවට ලක්ව මියයන්නට ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත මරණ හේතුව තහවුරු කර නොමැති අතර, නයිජීරියානු බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව වාර්තා වේ.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට රු. මිලියන 70,000ක සමෘද්ධි ණය

අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට රු. මිලියන 70,000ක සමෘද්ධි ණය