පාකිස්තාන රජයෙන් රාජ්‍ය වියදම් කපාහරින දැඩි තීරණ රැසක් - හේතුව ලෝක තෙල් අර්බුදයද?

Report

රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන භාවිතය අවම කිරීම අරමුණු කරගනිමින් පාකිස්තාන රජය නව සීමා රැසක් පනවා තිබේ. කැබිනට් අංශය විසින් අද (17) නිකුත් කළ නිවේදනයකට අනුව, රාජ්‍ය වාහන සඳහා වෙන්කරන ඉන්ධන ප්‍රමාණය 50%කින් අඩු කර ඇත.

කෙසේ වෙතත් සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේ මෙහෙයුම් සඳහා එම සීමාව අදාළ නොවේ.

එමෙන්ම 2026/27 මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන නොවන වියදම් මාසික අයවැයෙන් 5%කින් අඩු කිරීමටද තීරණය කර තිබේ. නව වාහන සහ ඇතැම් කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා එම සීමා බල නොපායි.

විදේශ සංචාර ද මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය විදේශ සංචාර සිදුකිරීමට අවශ්‍ය වුවහොත් අමාත්‍යවරුන්, උපදේශකවරුන් සහ අදාළ නිලධාරීන් සාමාන්‍ය මගී පන්තියේ ගමන් කළ යුතු බවටද උපදෙස් ලබාදී ඇත.

රාජ්‍ය ආයතනවල රැස්වීම් හැකිතාක් දුරස්ථ සම්මන්ත්‍රණ මාර්ගයෙන් පැවැත්වීමටත්, විදේශ නියෝජිත පිරිස් සඳහා පැවැත්වෙන අවස්ථා හැර රාජ්‍ය වියදමින් නිල භෝජන සංග්‍රහ නොපැවැත්වීමටත් නියෝග කර තිබේ.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙනස් වෙයි - ලෝකෙම හොයපු අදානිට වඩා ධනවත් පුද්ගලයා මෙන්න

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙනස් වෙයි - ලෝකෙම හොයපු අදානිට වඩා ධනවත් පුද්ගලයා මෙන්න

රජයේ මුදලින් පැවැත්වෙන නිල සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණද සීමා කර ඇති අතර, අත්‍යවශ්‍ය අවස්ථාවලදී රජයේ ශ්‍රවණාගාර, කමිටු කාමර සහ අනෙකුත් නිල පහසුකම් භාවිත කරන ලෙස දැනුම් දී ඇත.

විවාහ උත්සව සහ ඊට සම්බන්ධ අවස්ථාවලදී එක් ආහාර වර්ගයක් පමණක් ලබාදීමටද නව නියමයන් යටතේ උපදෙස් ලබාදී තිබේ.

මේ අතර, ව්‍යාපාරික හා වාණිජ ආයතන සඳහා දැනට ක්‍රියාත්මක වෙළෙඳසැල් වසා දැමීමේ වේලාවන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන රජය තීරණය කර ඇත.

ඒ අනුව සාමාන්‍ය වෙළෙඳසැල්, වෙළෙඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9.00 වන විට වසා දැමිය යුතු අතර, උත්සව පැවැත්වෙන ස්ථාන රාත්‍රී 10.00 වන විට වසා දැමිය යුතුය.

ආපනශාලා, කැෆේ සහ ආහාර අලෙවිසැල් රාත්‍රී 11.00 දක්වා විවෘතව තැබීමට අවසර ඇති අතර, ආහාර රැගෙන යාමේ සහ නිවාස වෙත බෙදාහැරීමේ සේවා සඳහා මෙම වේලා සීමාව අදාළ නොවේ.

ඖෂධහල්, රෝහල්, සායන, වෛද්‍ය සැපයුම් අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල්, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, ජිම් සහ ක්‍රීඩා පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය සේවා කිහිපයක් මෙම සීමාවලින් නිදහස් කර තිබේ.

අවශ්‍යතාව අනුව තනි සිද්ධි පදනමින් මෙම සීමාවලින් නිදහස් කිරීම් ලබාදීමටද හැකියාව පවතින බව පාකිස්තාන රජය වැඩිදුරටත් සඳහන් කර ඇත.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා