කෝටි 30ක් වටින ගජමුතු තොගය මාට්ටු

Report

මහියංගන ආදි වාසි ගම්මානයේදී රුපියල් කෝටි 30කට අධික වටිනාකමක් ඇති ගජමුතු තොගයක් සමග සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

වනාන්තර ආරක්ෂක අංශ බුද්ධි තොරතුරක් මත මාස ගණනාවක සිට සිදු කළ විමර්ශණයකට පසුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකදී අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය ලෙස මෙය වාර්තා වේ. අත්අඩංගුවට ගත් ඒවා අතර ගජමුතු 30ක්, දිවියකුගේ සම කොටස් ඇත් දළ කොටස් ,දිවියකුගේ තෙල්,  කරුවල ශාඛ කොටස් මෙරට නිශ්පාදනය කරන ගිනි අවියක් සතුන් ඇල්ලීමට යොදාගන්නා මදු,  ඇත් දළ උපයෝගී කර නිර්මාණය කළ මුදු පළිම වර්ග ඇඟ පළඳින ආයිතම්, දඹ ශාඛ කොටස් තිබී ඇත.

මෙම ජාවාරම වනාන්තර හා සත්ව ආරක්ෂා පනත් යටතේ දැඩි ආරක්ෂාවක් යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රධාන සැකකරු මහියංගනය ආසන්නයේ පිහිටි මහියංගනය ආදි වාසි ගම්මානයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම විල්පත්තුව, රිටිගල හා මහියංගනය වනජීවි නිළධාරීන් එකසැසියෙන් ක්‍රියාත්මක කළේය.