බැදලා මාස ගානයි බැලුම් පුම්බන්න ගිය තරුණයා විදුලි සැර වැදී මරුට
පුත්තලම නගරයේ යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක් අලුතින් ආරම්භ කිරීමට සැරසෙන අතරතුර සැරසිලි කටයුතුවල නිරතව සිටි තරුණයෙකු අවාසනාවන්ත ලෙස විදුලිසැරට හසුවී අද (17) මරණයට පත්ව ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි, වයස අවුරුදු 24ක දන්තනාරායන නවෝද් ගිම්හාන් නම් තරුණයෙකි.
ඔහු මාස කිපයකට පෙර විවාහ වී සිටි බවද වාර්තා වේ. පොලිස් වාර්තා අනුව, අද (17) පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ මෙම ප්‍රදර්ශනාගාරයේ සැරසිලි කටයුතු සිදුකරමින් සිටි විට, විදුලි රැහැනකින් බැලුම් පිම්බීම සඳහා යොදා ගත් විදුලි පද්ධතියක දෝෂයක් හේතුවෙන් ඔහුට විදුලිසැර වැදී ඇති බව පෙනේ.
අදාළ තරුණයා විදුලිසැරින් බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ගෙන ගිය නමුත්, එතැන් පුරාවටම මියගොස් සිටි බව රෝහල් වෛද්‍යවරුන් තහවුරු කළහ.
මරණයට පත් තරුණයාට බාල වයස්කාර සොහොයුරෙකුද ඇති බවත් සඳහන් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.