පාසල් වෑන් රථයක වැදී අදත් උදේම දරුණු අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට
By Kaushi
අද (17) දින උදෑසන 6.30ට පමණ වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව ඇත.
ඒ අනුව මෙම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණියක් හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුෂ්පකුමාර ඒකනායක නමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක්.
එමෙන්ම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මියගිය පුද්ගලයාගේ දියණිය බව පවසයි.
මේ අතර අනතුරට පත්වූ වෑන් රථය වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.