තොටළඟ කන්නාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

Report

හෙරොයින් ග්‍රෑම් 39.99ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු වූ, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කනපති ගනේෂ් (තොටළඟ කන්නා) නමැති පුද්ගලයාට, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ජීවිතාන්ත සිර දඬුවම නියම කළ අතර, එය අද (17) සිට ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

මහාධිකරණ විනිසුරු, විත්තිකරු වෙනුවෙන් දඩුවම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මහාධිකරණ ලේඛාධිකාරිවරයාටද නියෝග කළ අතර, විත්තිකරුගේ රෝග තත්ත්වය සම්බන්ධ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට බන්ධනාගාර අධිකාරීවරයාටත් උපදෙස් දී තිබේ.

බැදලා මාස ගානයි බැලුම් පුම්බන්න ගිය තරුණයා විදුලි සැර වැදී මරුට

බැදලා මාස ගානයි බැලුම් පුම්බන්න ගිය තරුණයා විදුලි සැර වැදී මරුට

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොටහේන ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන, පසුගිය 15 දා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද විත්තිකරු අද (17) කොළඹ මහාධිකරණයට පෙන්වා ඇත.

මෙම විත්තිකරු 2014.12.26 දින හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන, එරෙහිව නඩුවක් ගොනු කර තිබූ අතර, විත්තිකරු නොමැතිව විභාග කරන ලද නඩුවේ චෝදනා දෙකට වෙන්ව ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කර තිබුණි.

සෙව්වන්දි තවත් තොරතුරු වමාරයි - පෙම්වතෙක් ගැන හා පොලිසියෙන් පැන්න හැටි හෙළි කරයි

සෙව්වන්දි තවත් තොරතුරු වමාරයි - පෙම්වතෙක් ගැන හා පොලිසියෙන් පැන්න හැටි හෙළි කරයි