රැඳවියාට තහනම් බඩු යැවූ ජේලර් මාට්ටු

Report

කළුතර බන්ධනාගාර තුළ රදවා සිටින රැදවියකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබා දීමට කාන්තාවකට ආධාර අනුබල දුන් සැකකාර ජේලර්වරයෙක් අද අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ජේලර්වරයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළා.

පානදුර සහ හිරණ ප්‍රදේශයේ කාන්තාවක්, පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැදවියකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබා දීමට සූදානම් වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එම කාන්තාවගෙන් පැවති ප්‍රශ්න කිරීමේදී, සැකකාර ජේලර්වරයා රුපියල් 35,000 ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ බව හෙළිවීමෙන් පසු, ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි වව්නියාව බන්ධනාගාරයට මාරුකර යවා ඇත.