අන්තවාදී සංවිධාන ගැන පැමිණිලි 15ක් අධිකරණයට
මේ වනවිටඅයි.එස්.අයි.එස් විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින්, ඊට මුදල් ආධාරය ලබා දුන්නේ යැයි කියන සැකකරුවන් 15 ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ පැමිණිලි 15ක් ගොනු කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (17) පැවසීය.
මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.
අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධාන වල දේශනාවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධාන වලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බව පැවසීය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග නියෝග කළේය.