79 වන ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජයෙන් තීරණයක්

Report

ශ්‍රී ලංකාවේ 79 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

එහිදී මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ තේමාව, සංවිධාන කටයුතු, වැඩසටහනේ පෙළගැස්ම සහ ආගමික වතාවත් ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර ඇත.

මව්ආර ජලාශයේ වාන් දොරටු විවෘත කරයි - වලවේ ගඟ ආශ්‍රිත ජනතාවට දැනුම්දීමක්

මව්ආර ජලාශයේ වාන් දොරටු විවෘත කරයි - වලවේ ගඟ ආශ්‍රිත ජනතාවට දැනුම්දීමක්

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන හිනිඳුම සුනිල් සෙනෙවි, වසන්ත සමරසිංහ, චන්දන අබේරත්න සහ සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද සහභාගී වී තිබේ.

මීට අමතරව මුදල්, ආරක්ෂක, අධ්‍යාපන සහ බලශක්ති අමාත්‍යාංශවල මෙන්ම බස්නාහිර පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්

ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්