වී මාෆියාවට තිත තියන්න රජයෙන් අලුත් පියවරක් - මෙවර වී මිලදී ගැනීම සමුපකාරයට
ගොවි ජනතාවගේ වී අස්වනු සමුපකාර පද්ධතිය හරහා මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පවසයි.
එම වැඩපිළිවෙළ මඟින් වී මිලදී ගැනීමේ ඒකාධිකාරය වළක්වා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ පැවති 104 වන ජාත්‍යන්තර සමුපකාර දින ක්‍රීඩා උළෙලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.