රිය අනතුරුවලින් 713ක් මරුට
By Hashini
වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබෙනවා.
මාරක රිය අනතුරු 685 කින් එම පුද්ගලයින් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31 ක අඩුවීමක් වාර්තා වී ඇත.
ඒ අනුව ගිය වසරේ රිය අනතුරු 713කින් 744 දෙනෙකු මියගොස් තිබුණි.
මේ අතර පොලීසිය සදහන් කළේ උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඔවුන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 103 කින්.
එම කාලය තුළ රිය අනතුරු 934 සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 23 ක අඩුවීමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126 කින් 128 දෙනෙකු මියගොස් තිබුණා.