මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Sri Lanka Police Kandy Sinhala news Temple of tooth
By Hashini Apr 18, 2025 03:36 AM GMT
Hashini

Hashini

Report

 සිරි දළදා වන්දනාව හේතුවෙන් මේ වන විට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මහනුවර නගරයට පැමිණෙන සියලු රථවාහන සීමා වී ඇත.

පොදු වාහන වලින් සහ පෞද්ගලික වාහන වලින් පැමිණෙන සැදැහැවතුන් මහනුවර දළදා මාලිගාව තෙක් ප්‍රවාහනය සදහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ බස් සේවාවක් ආම්භ කර තිබෙනවා.

මහනුවර ස්ථාන 7ක සිට එම බස් සේවා ක්‍රියාත්මකයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පෞද්ගලික වාහන නතර කරන ස්ථානවල සිට මහනුවර නගරය දක්වා සැදැවතුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය දෙකක් ද ධාවනයට එක් කරන බවයි.

තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව

තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන් ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කඩුගන්නාව කටුගස්තොට හා ගම්පොල ප්‍රදේශ ආවරණය වන පරිදි එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර පොලීසිය පවසන්නේ දළදා වන්දනාවට පැමිණෙන සැදැවතුන්ගේ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 6ක රථ ගාල් හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව ගැටඹේ ක්‍රීඩාංගනය, ගන්නෝරුව මාර්ගය, කටුගස්තොට 4 කණුව, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමිය, රා කඩේ හන්දිය ධර්මාශෝක මාවත හා P.T රාජන් ක්‍රීඩාංගනයේ වාහන නවතා තැබීමට පහසුකම් සපයනු ඇති.

ඊට අමතරව පල්ලෙකැලේ බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රීඩාගංනයේ හා ගුරුදෙණිය ප්‍රදේශයේ ද, සැදැවතුන් පැමිණෙන වාහන නවතා තැබීමට පහසුකම් සලසා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ


ReeCha