මැතිවරණ පැමිණිලි 1490ක් මැතිවරණ කොමිසම වෙත
Election Commission of Sri Lanka
Election
Sinhala news
By Hashini
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මැතිවරණ පැමිණිලි 1490 තිබෙන බවයි.
එම කොමිෂන් සභාව නිවේදනය කළේ ප්‍රචණ්ඩ ක්‍රියා 09ක් , නීති උල්ලංඝනය කිරීම් 1388ක් සහ වෙනත් පැමිණිලි 93ක් පවතින බවයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ප්‍රකාශයට පත් කල දින සංශෝධනය කළ බවයි.
සියලු රාජ්‍ය ආයතන, පොලිස් නිලධාරින් , ත්‍රිවිධ හමුදා ඇතුළු සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 24,25,28 සහ 29 යන දිනවලදී සිදු කරනු ලබයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමට මීට පෙර 22,23,24,28,සහ 29 යන දින වෙන් කර තිබුණු අතර පළාත් පාලන ඡන්ද විමසීම ලබන මස 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
