ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ඒකමතිකව තෝරා පත්වේ

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ. ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර අධ්‍යක්ෂවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය, ප්‍රේක්ෂක ආකර්ෂණය වර්ධනය කිරීම සහ වාණිජමය සංවර්ධනය ප්‍රමුඛ කරගත් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජේ ෂා මහතාගේ නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බව ICC අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දී තිබේ.

ඊශ්‍රායලයේ රැකියාවකට යන්න මග බලන් ඉන්න ඔයාට සුබම සුබ ආරංචියක්

ඊශ්‍රායලයේ රැකියාවකට යන්න මග බලන් ඉන්න ඔයාට සුබම සුබ ආරංචියක්

එමෙන්ම, 2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් වීමත් සමඟ ක්‍රීඩාවට නව ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ නව ක්‍රීඩක පරපුරක් බිහිකිරීමට අවස්ථාව උදාවනු ඇති බව ද එම කවුන්සිලය සඳහන් කරයි.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය, සහකාර සාමාජික රටවලට වැඩි අවස්ථා ලබාදීම, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සහ ක්‍රීඩාවේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් තිරසර වාණිජ අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි ද ඉදිරියේදී අවධානය යොමු කරන බව ICC අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර තිබේ.

නැවත පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ICC සභාපති ජේ ෂා මහතා සඳහන් කර ඇත්තේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ අධ්‍යක්ෂ මණ්ඩලයට ස්තූතිවන්ත වන බවයි.

මුලතිව් මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයින්ට දැඩි අනතුරු ඇඟවීමක් - අත්අඩංගුවට ගැනීම අනිවාර්යයි

මුලතිව් මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයින්ට දැඩි අනතුරු ඇඟවීමක් - අත්අඩංගුවට ගැනීම අනිවාර්යයි

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට එහි ඉතිහාසයේ වඩාත්ම වැදගත් සහ උද්යෝගිමත් කාල පරිච්ඡේදයකට පිවිසෙමින් සිටින බවත්, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීම ලොව පුරා නව ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව හඳුන්වා දීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත් ඔහු පවසා තිබේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වඩාත් ශක්තිමත් සහ තිරසර කිරීම සඳහා සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කරන බව ද ජේ ෂා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.