මුදල් තොගයක් සමග රට පැනීමට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසකට වුන දේ..?

AIRPORT KATUNAYAKE SRI LANKAN DOLLER
By Sewvandhi Dec 24, 2021 01:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන් 7 දෙනෙකු සතුව තිබී අමෙරිකානු ඩොලර් සහ තවත් විදේශ මුදල් තොගයක් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් සඳහන් කළේ එම මුදල් තොගය තුළ ශ්‍රී ලංකා රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් තිබූ බවය.

රේගුවට හෙළි නොකර එම මුදල් රටින් පිට කිරීමට සැකකරුවන් උත්සාහ ගෙන තිබේ. අද (24) දින උදෑසන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානයකින් සැකකරුවන් පිටත්වීමට සූදානම් වී සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම විදේශ මුදල් තොගය සොයාගෙන තිබුණි.

ඔවුන්ගේ ගමන් මළු තුළ ඉතා සූක්ෂම ලෙස එම මුදල් සඟවා තිබූ බවද වැටලීම කළ නිලධාරීන් පැවසීය. රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now