අත්අඩංගුවට පොලිස් නිලධාරීන් 7 දෙනා සම්බන්දයෙන් ආ නවතම තොරතුර.. (UPDATE)
Update-
පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 7දෙනා එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ එම පිරිස අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි අප වාර්ථාකරු සදහන් කළේ.
-----------------------------
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
CID අත්අඩංගුවට ගත් එම පිරිසට උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළත් බව සඳහන්.
නාරාහේන්පිට ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 10 වැනිදා හෙරොයින් සමඟ අදාළ පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් අතරතුර ඇති වූ සිදුවීමකින් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයා නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කළ හික්කඩු- තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
