වසංගතය හමුවේ කැපවී සේවය කරන ‘සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 6000 කට’ අත්වූ ඉරණම

covid19 infection sputnick v lakshman kirialla
By Sewvandhi Sep 04, 2021 07:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 6000 ක් පමණ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් 09දෙනකු ආසාදනයෙන් මිය ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ පවසන බව අද (04) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළා.

කොරෝනා ආසාදනයට ලක් වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර වෛද්‍යවරුන්, හෙදියන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් වැඩි වශයෙන් සිටින බව වාර්තා වනවා.

එමෙන්ම, Sputnik V එන්නතේ දෙවන මාත්‍රාව ජනතාවට දීමට නොහැකි නම් ඒ සඳහා ආණ්ඩුව දෙන විකල්පය කුමක් ද යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. Sputnik V එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් 1,20,000ක මහනුවර ජනතාවට එම එන්නතේ දෙවන මාත්‍රාව නොමැතිකම නිසා අනතුරට පත් වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ගණන 1,50,000 වන අතර එය ලබා ගෙන මාස තුනක් ගත වුව ද එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට දැනට එන්නත් ලැබී ඇත්තේ 30,000ක් පමණ බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීය.

"Sputnik V එන්නතේ දෙවන මාත්‍රාව අද ලෝකයේ කොහෙවත් හදන්නේ නෑ. ඉන්දියාව, රුසියාව මේ එන්නත හදන්නේ නෑ. මේ එන්නත ගෙන්වා ගැනීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මැයි මාසයේ අග මේ එන්නත ගන්න කොට රජයට සැකයක් තිබ්බා මේ එන්නත ඉදිරියේදී හම්බවෙයි ද නැද්ද කියලා. ඒකයි සමහර ස්ථානවල Sputnik V දෙවන මාත්‍රාව අනවශ්‍යයි කියලා එන්නත් ලාභීන්ගෙන් අස්සන් ගත්තේ. දැන් දෙවන එන්නත දෙන්නෙ කවද්ද කියලා මහනුවර ජනතාව අපෙන් විමසනවා. රජය මේ එන්නත දෙනකොට මුලින් ම කිව්වා දවස් විසිඑකක් ඇතුළත දෙවන මාත්‍රාව දෙනවා කියලා. අද මේ රජය ජනතාව අසරණභාවයට පත් කරලා," යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now