නිවසට වතුර ගෙන එන්නැයි ගිය 6 හැවිරිදි දැරියට සිදුවූ අපරාධය..
Jaffna
Sri Lanka Police Investigation
Latest Headlines
By Sewvandhi
මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලීමෙන් දැරියක් මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ, එම දැරිය සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බවයි.
අනතුරුව ඇය පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 06 හැවිරිදි විරුතොඩේ මදුරන්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
