මත්පැන් බොන්න ගිහින් 6කට ජීවිත නැති වෙලා.. කවුරුත් නොහිතපු දෙයක් එතන වෙලා තියෙන්නෙ..

By krishani Nov 23, 2024 05:21 PM GMT
Report

ලාඕසයේ 'වැං වීන්ග්' නුවර සංචාරක පුරවරයේ රැඳී සිටි විදේශික සංචාරකයන් 06 දෙනකු වරින් වර ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ මාරාන්තික මෙතනෝල් රසායනික ද්‍රවණය සහිත ප්‍රමිතියෙන් තොර මත්පැන් පානය කිරීම හේතුවෙන් ය.

වාහනයක් ගන්න එකත් හීනයක්ම වෙයි ද?. IMF මතය මෙන්න..

වාහනයක් ගන්න එකත් හීනයක්ම වෙයි ද?. IMF මතය මෙන්න..

මෙලෙස පළමුව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අමෙරිකානු ජාතික තරුණයකු සහ ඩෙන්මාර්ක ජාතික තරුණියන් දෙදෙනකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඒ අනුව මෙම ප්‍රදේශය ආශ්‍රිතව මෙතනෝල් විෂ සහිත මත්පැන් අලෙවි කිරීමේ සිදුවීම අනාවරණය වී ඇත.

එම මත්පැන් පානය කිරීමෙන් තවත් විදේශිකයන් දෙදෙනකු මියයෑමත් සමඟ තත්ත්වය බරපතළ වි තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (22) දිනයේ දී එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතික 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙතනෝල් විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියගිය විදේශිකයන්ගේ සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You May Like This Video 👇 

.