ගුවන් යානයක් කඩා වැටීමෙන් පොලිසියේ 06ක් ජීවිතක්ෂයට
By Shehan
තායිලන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇත.
මිය ගිය සියලු දෙනා පොලිස් නිලධාරීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බැංකොක් සිට කිලෝමීටර් 130ක් පමණ නිරිත දෙසින්, මුහුදේ පැරෂුට් පුහුණුවීම් සඳහා අත්හදා බැලීමේ පියාසැරියක යෙදී සිටියදී මෙම යානය කඩා වැටී තිබේ.
අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නැත.
