සුරාබදු අංශ 6ක් සම්පූර්ණයෙන්ම සුද්ද කරයි.

Ranjith Siyambalapitiya Excise Department of Sri Lanka
By Wayomi Apr 02, 2024 09:37 AM GMT
Wayomi

Wayomi

Report

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ විශේෂ අධීක්ෂණ ඒකක 5 සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධාන කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලපිටිය අද (02) සඳහන් කළා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් අනතුරුවයි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙසින්,

"සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියට විකුණන්න යද්දි අත්අඩංගුවට ගත්තා. මම ඒ වාර්තා ඔක්කොම පොලිසියෙන් ගෙන්වා ගත්තා. ඒ අනුව ඒ නිලධාරීන් හතර දෙනාගේ වැඩ තහනම් කළා."

ReeCha