ආයේ වාහන පදින ගමන් මේවා කරන්න බෑ
ඔස්ට්‍රේලියාවේදී රිය පැදවීමේදී ජංගම දුරකථන හැසිරවීම නීති විරෝධී බව බොහෝ රියදුරන් දැන සිටියත් හෙඩ්ෆෝන් (headphones) හෝ එයාර්පොඩ්ස් (AirPods) වැනි රැහැන් රහිත ඉයර්බඩ් පැළඳීම සම්බන්ධ නීති රීති එතරම් පැහැදිලි නැති බව වාර්තා වේ.
ඒ අනුව වාහනයේ ඇති බ්ලූටූත් පද්ධතියක් හරහා දුරකථන ඇමතුම් ලබා ගැනීම නීත්‍යානුකූල හ්‍යින් ඉයර්බඩ් භාවිතයද එසේම යැයි බොහෝ දෙනා උපකල්පනය කරන බව පවසයි.
එසේ වුවත් මෙම වැරදි වැටහීම දඩ මුදලකට යටත් වීමට හේතු විය හැකි අතර, අදාළ නීතිය රියදුරු බලපත්‍ර වර්ගය සහ පදිංචි ප්‍රාන්තය අනුව වෙනස් වන බව ද වාර්තා වේ.
ඒ අනුව පොදුවේ ගත් කළ, එයාර්පොඩ්ස් හෝ රැහැන් රහිත හෙඩ්ෆෝන් භාවිතය සෘජුවම තහනම් කර නැති බව සඳහන්.
එසේ වුවත් රියදුරෙකුගේ අවධානය වෙනතකට යොමු වී ඇත්දැයි තීරණය කිරීමට ඔස්ට්‍රේලියාව පුරා පොලිස් නිලධාරීන්ට පුළුල් අභිමතයක් ඇත.
එනිසා යම් රියදුරෙකු ඉයර්බඩ් පැළඳ සිටියදී අනතුරකට සම්බන්ධ වුවහොත් එය නිලධාරීන්ගේ දැඩි අවධානයට ලක්වීමට හේතුවක් වන බව සඳහන්.
මේ අතර හෙඩ්ෆෝන් භාවිතය හෝ අධික ශබ්දයෙන් සංගීතයට සවන් දීම, හදිසි සේවා සයිරන් හඬ හෝ වෙනත් මාර්ග භාවිතා කරන්නන්ගේ අනතුරු ඇඟවීම් ඇසීමේ හැකියාව සීමා කරන නිසා එය "අනතුරක අවදානම වැඩි කරන" බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
එසේම සිඩ්නි නුවර ප්‍රමුඛ නීතිඥයෙකු වන අවිනාශ් සිං දක්වන ආකාරයට නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේදී, එයාර්පොඩ්ස් භාවිතය නිසා රියදුරුට නිසි සැලකිල්ල සහ අවධානය යොමු කිරීමට නොහැකි වුවහොත්, එය 'නොසැලකිලිමත් රිය පැදවීමක්' වශයෙන් සලකයි.
ඒ වෙනුවෙන් නියමිත උපරිම දඩය ඩොලර් 2,500 කට ආසන්න වේ. එමෙන්ම මහේස්ත්‍රාත්වරයෙකුට සුදුසු යැයි හැඟෙන ඕනෑම කාලයකට අඳාළ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටද බලය ඇත.
මේ අතර ආධුනික (Learner - L) සහ තාවකාලික (Provisional - P) බලපත්‍ර ලාභීන්ට වන නීති වඩාත් දැඩි වේ.
නිව් සවුත් වේල්ස් හි L සහ P බලපත්‍ර දරන්නන්ට දුරකථනයකට සම්බන්ධ කළ එයාර්පොඩ්ස් භාවිතය සම්පූර්ණයෙන්ම නීති විරෝධී වන අතර, ඒ වෙනුවෙන් ඩොලර් 2,200 ක දඩයක් සහ දෝෂ ලකුණු 5 ක් (demerit points) නියම වන බව සඳහන්.
එමෙන්ම වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ද නවක රියදුරන් සඳහා රැහැන් රහිත හෙඩ්ෆෝන් 'ස්මාර්ට් තාක්ෂණ' ගණයට ඇතුළත් කර ඇති අතර ඒවා භාවිතය තහනම් කර තිබෙනවා.
එසේ වුවත් දකුණු ඔස්ට්‍රේලියාවේ පූර්ණ බලපත්‍ර ලාභීන්ට, ඉයර්බඩ්, සම්බන්ධිත ජංගම දුරකථනය හෝ බ්ලූටූත් ස්පීකර් ස්පර්ශ නොකරන තුරු ඒවා භාවිත කිරීමට අවසර තිබෙන බව සඳහන්. වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුව දක්වන්නේ එයාර්පොඩ්ස් වැනි තිරයක් නොමැති (without a display) හෙඩ්ෆෝන්වලට විශේෂ සීමා කිරීම් නැති වුවත් රිය පැදවීමේදී ජංගම දුරකථන හෝ වෙනත් උපාංග ස්පර්ශ නොකිරීමේ සාමාන්‍ය රීතිය තවමත් දැඩිව ක්‍රියාත්මක වන බවයි.
එසේම බටහිර ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, ACT සහ උතුරු ප්‍රදේශයේ (Northern Territory) බ්ලූටූත් හෝ හෑන්ඩ්ස්-ෆ්‍රී උපාංග භාවිතය පිළිබඳව බලපත්‍ර වර්ගය මත පදනම් වූ විශේෂ සීමාවන් පනවා නැත.
එසේ වුවද, රියදුරන් සෑම විටම වාහනයේ පූර්ණ පාලනය පවත්වා ගත යුතු බවට නීත්‍යානුකූලව බැඳී ඇත.
මේ අතර බ්ලූටූත් පද්ධතිය හරහා ඇමතුමක් ගැනීම, සංගීතය වෙනස් කිරීම හෝ සැකසුම් සකස් කිරීම වැනි ක්‍රියාවක් නිසා රියදුරුගේ අවධානය වෙනතකට යොමු වී, එය අනාරක්ෂිත රිය පැදවීමකට හෝ අනතුරකට දායක වුවහොත්, පොදු මාර්ග ආරක්ෂණ නීති යටතේ එය තවමත් දඬුවම් ලැබිය හැකි රථවාහන වරදක් වශයෙන් සලකයි.