නීති විරෝධී දුම්වැටි ලක්ෂ 55 ක් විනාශ කරයි
By Mithu
නීති විරෝධීව මෙරටට රැගෙන විත්, රේගු භාරයට ගත් දුම්වැටි ලක්ෂ 55 ක් විනාශ කර ඇත. මෙම දුම්වැටි 2023 වසරේ, විදේශ රටවලින් නැව් මඟින් කොළඹ වරාය හරහා රටට ඇතුළු කිරීමට උත්සාහ කළ අඩි 40 ක් පමණ බහාලුමක තිබී ඇත.
ඒවා විනාශ කිරීමේ කටයුතු, කෙරවලපිටිය කසළ කළමනාකරණ පුනර්ජනනීය විදුලි බලාගාරයේදී, රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික වශයෙන් ඉහළ බවද වාර්තා වෙයි.