අලුත් අවුරුද්දට 55,000ක් මාකුඹුරෙන් ගමේ ගිහින්

Report

පසුගිය 08 වෙනිදා සිට මේ දක්වා මගීන් 55,000 දෙනෙකු පමණ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගම්බිම් හරහා ගොස් තිබේ. ඉන් වැඩිම පිරිසක් ඊයේ (11) දිනයේදී පිටත්ව ගිය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  ආලෝකා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව කියා සිටියේ, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද දින සැලසුම්ගත බස් සේවා ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

යාපනයේදී නීති විරෝධී රාත්‍රී කිමිදුම් කටයුතුවල නිරත වූ හය දෙනෙකු අත්අඩංගුවට

යාපනයේදී නීති විරෝධී රාත්‍රී කිමිදුම් කටයුතුවල නිරත වූ හය දෙනෙකු අත්අඩංගුවට

"මගී ජනතාවට ආරක්ෂිතව හා සතුටින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අවශ්‍ය ඩැඩපිලිවෙල මේ වනවිට සපුරා දී තිබෙනවා.මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විනාඩි 15ත් 20ත් කාලයකින් පිටත්වන අයුරින් දුරගමන් බස් රථ යොදවා තිබෙනවා. බලාපොරොත්තු වූ ආකාරයට කාලසටහන්වලට ලංගම සහ පෞද්ගලික බස් රථ යොදවා තිබෙනවා.

සමහර බස් රථ ගමන්වාර තුනක් දක්වා ක්‍රියාත්මක කරනවා. ඊයේ (11) වැඩිම මගී ජනතාවක් ගමනාගමනයේ යෙදුණු දිනය ලෙස වාර්තා වුණා. 08 වෙනිදා ඉඳන් මේ දක්වා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පමණක් 55,000ක පමණ මගීන් ප්‍රවාහන පහසුකම් සපයාගෙන තිබෙනවා.

ඒ වගේම පසු අවුරුදු සැලැස්ම යටතේ අප්‍රේල් 16 සිට 21 දක්වා ගම්බිම්වල සිට කොළඹට පැමිණීමටත් මේ විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරනවා. මීට සමගාමීව අනෙකුත් සියලුම පළාත්වලත් ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සමග ඒකාබද්ධ සේවාව යටතේ මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ක්‍රමවත් කිරීමට පියවර ගෙන තිබෙනවා."

ජනතාව අසරණයි – බඩු මිල අඩු කර සහනයක් දෙන්න – සජිත්

ජනතාව අසරණයි – බඩු මිල අඩු කර සහනයක් දෙන්න – සජිත්