කිරිසප්පයෙක් තටාකයේ ගිලී ජීවිතක්ෂයට

Report

සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියයෑමේ පුවතක් වාර්තා වේ.

ඊයේ (08) සවස වදළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙක් මේ ආකාරයෙන් අනතුරට ලක්වූ බව පොලිසිය සදහන් කරයි.

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.