ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම පිටුපස බරපතළ කතාවක් - 'රට රකින පරපුර' සංවිධානයෙන් සැර නිවේදනයක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිදුවීම අතිශය බරපතළ සළකුණක් වන බව 'රට රකින පරපුර' සංවිධානය සදහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදීම රාජ්‍ය වගකීමක් ලෙස පිළිගෙන ඇති රටක මෙම සිදුවීම බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් කාන්චන ද සිල්වා මහතා පෙන්වා දී ඇත.
භික්ෂූන් වහන්සේලාගේ මතය තමන්ගේ පාර්ශවයේ මතයට එකඟ නොවන විට උන්වහන්සේලාට අපහාස කිරීමත්, විවේචනය කරන විට අවමන් කිරීමත්, අවසානයේ රාජ්‍ය බලය භාවිත කරමින් භික්ෂු චීවරයට පවා අත තැබීමත් වර්තමානයේ සාමාන්‍යකරණය වෙමින් පවතින බව අදාළ නිවේදනයේ සදහන් කර තිබේ.
එසේ වුවද, ඥානසාර හිමියන් නීතියට ඉහළින් සිටිය යුතු බව තමන් කිසිසේත් ප්‍රකාශ නොකරන බවත්, යම් පුද්ගලයෙකුට එරෙහිව අධිකරණ තීන්දුවක් ඇත්නම් එය නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය යුතු බවත් එම සංවිධානය අවධාරණය කර ඇත
කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් භික්ෂු චීවරයට නිගරු කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට බලයක් ලබාදිය නොහැකි බව එම සංවිධානය පෙන්වා දෙනු ලබයි තවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත්තේ එවැනි ක්‍රියාවක් බවට චෝදනා කර තිබේ