රැකියා විරහිත උපාධිදාරීන් වෙනවට වඩා මෙහෙම හොදයි කියලා කරලා තියන රස්සාව බලන්නකෝ..

By Piyumika Nov 25, 2024 06:11 AM GMT
Report

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත් කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

හය දෙනෙකුට ජීවිතය අහිමි කල බිහිසුණු වෙඩිතැබීමක්..

හය දෙනෙකුට ජීවිතය අහිමි කල බිහිසුණු වෙඩිතැබීමක්..

මත් මුද්දර, මත්කරල්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හා සියුම් කිරුම් මිනුම් සඳහා භාවිතා කරන කුඩා තරාදි දෙකක් සමග පෞද්ගලික විශ්ව විද්‍යාලය සිසුන් පස්දෙනකු මෙලෙස ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නියැලෙන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් සිටින බවට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මාලඹේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අසලදී මත් මුද්දර කීපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙච්චර ගානක් ..අනේ දෙවියනේ අහස හිල් වෙලාවත්ද..

මෙච්චර ගානක් ..අනේ දෙවියනේ අහස හිල් වෙලාවත්ද..

වැඩිදුර පරීක්ෂණයේදී සැකකරු මගින් මෙම ජාවාරමට හවුල් කල්ලිය පිළිබඳව ලබාගත් තොරතුරු මත ඉතිරි සැකකරුවන් සිව් දෙනාද සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය තොගය ද සමග අත්අඩංගුවටගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පැවසීය.

You may like this video