පොලිස් නිලධාරින් 5,000ක් වසරකට ඉවතට.

Sri Lanka Police
By Gagana Apr 17, 2024 12:07 PM GMT
Gagana

Gagana

Report

වසරකට පොලිස් සේවයෙන් 5,000කට ස්වාදී පිරිසක් ඉවත් ව යද්දී , ඒ වෙනුවට වසරකට සේවයට 500ක් පමණ බඳවා ගැනීමට අවසර දී තිබීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව බලපාන විශාල ගැටලුවකි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ , පොලිසිය අතහැර යන ප්‍රමාණයට සමගාමී ව අලුතින් බඳවා ගැනීමට අනුමැතිය නොලැබෙන බැවින් පොලිසිය අතහැර යාම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගත යුතු බවට ය.

මසකට සාමාන්‍යයෙන් 100ත්, 150ත් අතර ප්‍රමාණයක් සේවය අතහැර යාම්, වැඩතහනමට ලක්වීම් වාර්තා වන අතර , 4,000ට ආසන්න පිරිසක් මෙම වසරේ විශ්‍රාම යාමට සිටින බවත්, පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී හෙළි වී ඇත.

තව ද, මෙහි දී පොලිස්පතිවරයා විශේෂ අවධානය යොමු කර ඇත්තේ ආධුනික නිලධාරීන්ට ඇති ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් පිළියම් යෙදීම, විවාහ වීමට ඇති බාධක ගැන සලකා බලා ආධුනිකයන් හට තෘප්තිමත් ලෙස සේවය කිරීමට ඉඩ සලසා දීම පිළිබඳව ය.