අරගල භූමියට 4G සහ 5G පහසුකමුත් - ඉදිවූ සම්ප්‍රේෂණ කුළුණ මෙන්න...(PHOTOS).
7 වැනි දිනටත් ක්‍රියාත්මක වන, ගාලුමුවදොර අරගල පිටියේ සිටින විරෝධතාකරුවන් වෙනුවෙන්, අද (15) සිට නොමිලේ 4G 5G පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සිංහල අළුත් අවුරුද්ද පැවැති ඊයේ (14) දිනයේත් මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියා. කෙසේ වෙතත්, අප වාර්තාකරු සඳහන් කළේ, එම ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් සවි කර ඇති නමුත් මේ වන තෙක් එයට සම්බන්ධතාවය ලබා දී නොමැති බවයි.
එහි පැමිණි තාක්ෂණ ශිල්පීන් සඳහන් කර තිබුණේ, මෙය අරගල භූමිය වෙනුවෙන් ම සවි කරනු ලැබූවක් බවයි. මේ අතර අරගල භූමියේ දී තවත් සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා.
ඒ පිළිබඳ ඡායාරූප ද මේ වනවිට විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වනවා.
ඒ අදට යෙදී ඇති මහ සිකුරාදා දිනය නිමිත්තෙන්, දෙවියන් වහන්සේ සිහිපත් කරමින් සහ රුදුරු බෝම්බ ප්‍රහාරයෙන් 2019 අප්‍රේල් 21 වැනි දින දිවි අහිමි වූ කතෝලික වැසියන් සිහිපත් කර ඉටිපන්දම් දල්වා තිබීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |






