ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් 400ක් හිරවෙලා.
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
By Hashini
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය පටිපාටිය යටතේ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් හාරසියයක් (400) සිරවී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ ඊයේ (12) සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවකදී.
මෙම සාකච්ඡාවේදී 2020 වර්ෂයේ සිට මේ දක්වා කැඳවන ලද ටෙන්ඩර් මෙලෙස සිරවී ඇති බව අනාවරණය වී ඇති අතරම, ඇතැම් ටෙන්ඩර් වෛද්‍යවරුන්ගේ විද්‍යාතනවලින් මෙතෙක් අනුමැතිය ලබා ගෙන නොමැත.
තවද පිළිකා ඖෂධ 72ක හිඟයක් පවතින අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය ඇමැතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙහිදී දැනුම් දී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තාවකාලික අනුමැතිය ලබාදෙන ලෙසයි.
