පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400ක් අතුරුදන්? රෝහල් පවා වැසෙන ලකුණු.

Sri Lanka
By Wayomi May 02, 2023 09:44 AM GMT
Wayomi

Wayomi

Report

පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.

මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බවයි ඔවුන් වැඩිදුරටත් පේනවා දෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගත වී ඇති බවයි.

එලෙස වෛද්‍යවරු විදෙස්ගත වීම පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු සුලභ කරුණක් වූවද මේ හේතුවෙන් රෝහලවල වෛද්‍ය ඒකක පවා වසා දැමීමට සිදු වී තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW