මෙරට ප්‍රධාන රෝහල් 4ක් දැඩි අවදානමක. රෝගී ජීවිත අනතුරේ.

Sri Lanka Economic Crisis Sri Lanka Colombo National Hospital Hospitals in Sri Lanka
By Wayomi Aug 16, 2023 04:59 AM GMT
Wayomi

Wayomi

Report

දිවයින පුරා රෝහල් රැසක සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඒ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන්.

මේ අනුව රත්තපුර, ගාල්ල, බදුල්ල, කොළඹ ජාතික රෝහල තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසන්නේ.

ඒ, සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,

"දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ දැඩි හිඟයකට මේ වනවිට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කරන ස්ථානයන්හි නිලධාරීන් විශ්‍රාම යෑම හේතුවෙන් ඉදිරියේ දී මේ පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. එතකොට රත්නපුර, ගාල්ල, බදුල්ල, ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන ස්ථානවල සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නතරවීමේ අවදානමක් තියෙනවා. මේ ආකාරයෙන්ම විශ්‍රාම යෑම හා නිලධාරීන් විදේශගත වීම සිදුවෙමින් පවතිනවා. මේ යන තත්ත්වයත් එක්ක ඉදිරියේ දී දැඩි අර්බුදයකට විකිරණ සේවාව මුහුණ පානවා. මේ සඳහා ඉක්මන් පියවරක් හැටියට බඳවා ගැනීම හා නිලධාරීන් අපි යෝජනා කරනවා 60න් විශ්‍රාම යෑම 63 දක්වා තාවකාලිකව හෝ දෙන්න කියලා."

"ලබන මාසය වනවිට පෙට් ස්කෑන් පරීක්ෂණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නතර වෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මේ නිලධාරීන් විශ්‍රාම ගියාම. ඒ අංශයේ ඉන්නේ නිලධාරීන් දෙන්නයි. එක් අයෙක් විශ්‍රාම යනවා. අනිත් කෙනා මාස තුනකින් විශ්‍රාම යනවා. ඒ අනුව ලබන මාසයේ සිට මේකේ එක නිලධාරියෙක්ට පමණක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මෙතෙනට තුන් දෙනෙක් අවශ්‍යයි. නමුත් දැන් දෙන්නෙක්ගෙන් තමා මේ කාර්ය සිද්ධවෙන්නේ. ඒ දෙන්නත් විශ්‍රාම ගියාට පස්සේ ජාතික රෝහලේ පෙට් අංශය වසා දාන්න වෙනවා. මේ විදියට පෙට් පරීක්ෂණ 1000ක් විතර කරලා තියෙනවා මේ රෝහල පටන්ගත්ත දවසේ ඉඳලා. එතකොට මේ සේවා බිඳවැටීම නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වෙන්න සිද්ධ වෙනවා."

ReeCha