මිනිස් හිස් කබල් 4ක් නයිවලින් හමුවේ

Sri Lanka Police Sinhala and Tamil New Year Crime gagana news
By Mithu Sep 03, 2025 12:58 PM GMT
Mithu

Mithu

Report

සැකකටයුතු මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් අසල මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

වෛද්‍යවරයකුට අයත් ඉඩමක පිහිටි ගරාජයක් බවත් වෛද්‍යවරයා වසර පහකට පමණ පෙර මෙම නිවස සහ ඉඩම මිලදීගෙන ඇති අතර වෛද්‍යවරයා පවසා ඔහුට අයත් වෙනත් නිවසක පදිංචිව සිටින බව හෙලිවී ඇත.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

මෙම ඉඩමෙහි නිවසල ගරාජයට අමතරව තවත් කුඩා ගොඩනැගිල්ලක් පිහිටා තිබෙන අතර එම කුඩා ගොඩනැගිල්ලේ කුලී පදනම මත ග්රරාම නිලධාරීවරයා සිය කාර්යාලය පවත්වාගෙන යනු ලබයි.

ග්‍රාම නිලධාරියා කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගරාජය පිටුපස මෙම අස්ථි කොටස් සහිත උරය දැක මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත. මෙම උරය තුළ මිනිස් හිස් කබල් සහ අස්ථි කොටස් කිහිපයක් දක්නට ඇති බව පොලිසිය පවසයි. අස්ථි කොටස් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ