පැය 4ක අර්ධ චන්ද්‍රග්‍රහණයක්.

Sri Lanka
By Hashini Oct 24, 2023 04:35 AM GMT
Hashini

Hashini

Report

ඔක්තෝබර් 28 රාත්‍රියේ සිට 29 වැනිදා අලුයම දක්වා පැය 04යි විනාඩි 25ක පමණ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලංකාවාසීන්ට දැක ගැනීමේ අවස්ථාව ඇතැයි මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

නැගෙනහිර ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව යන කලාපවලට මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය දර්ශනය වනවා.

සඳෙහි ඉතා සුළු ප්‍රදේශයක් පෘථිවියේ පූර්ණ ඡායාවට ඇතුළුවීම සිදුවන බැවින් මෙය බොහෝ දුරට උපඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස් වන බවද ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ සඳෙහි දීප්තියේ සහ වර්ණයෙහි වෙනසක් සිදු නොවන බවයි.

ඔක්තෝබර් 28 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් 23.31ට උපඡායා චන්ද්‍රග්‍රහණය ආරම්භ වනවා.

අර්ධ චන්ද්‍රග්‍රහණය ඔක්තෝබර් 29 වැනිදා අලුයම 01.05ටද, චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව 29 වැනිදා අලුයම 01.44යි තත්පර 05ටද දර්ශනය වනවා.

අර්ධ චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 02.22ට සිදුවන අතර, උපඡායා චන්ද්‍රග්‍රහණයේ අවසානය අලුයම 03.56යි තත්පර 25ට පමණ සිදුවනු ඇතැයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.


ReeCha