නිවසේ ගේට්ටුව 3 හැවිරිදි දැරිය මතට කඩාවැටේ
By Sithumi
නිවසේ ගේට්ටුව ඇඟ මතට කඩාවැටීමෙන් වයස අවුරුදු 3ක දැරියක් ඊයේ (24) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙම අනතුර සිදුව තිබුණේ දොඩම්ගස්ලන්ද, තෙලඹුගල්ල ප්‍රදේශයේය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මොහොමඩ් ඉර්ෂාඩ් මරියම් නැමැති දැරියකි. මෙම දැරිය සහ ඇයගේ ඥාති සොහොයුරෙකු වන සිව් හැවිරිදි තවත් දරුවකු ඊයේ පස්වරුවේ මෙම ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටියදී අනතුර සිදුවී ඇත. ඔවුන් ගේට්ටුවේ එල්ලී ඇති බව මියගිය දැරියගේ ඥාතියෙකු ප්‍රකාශ කළේය.
එහිදී ගේට්ටුව කඩාවැටී ඇති අතර ඊට දරුවන් දෙදෙනාම යටවී තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දැරිය රෝහල් ගතකරන අවස්ථාව වන විටත් මිය ගොස් සිට ඇති අතර අනෙක් දරුවා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි