කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම ඇරඹේ..? නිර්දේශ කළ පිරිස මෙන්න..

corona virus covid vaccsine 3rd dose
By Sithumi Sep 03, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය අවම කිරීම සඳහා යෝජිත නිර්දේශ රැසක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් නිකුත් කර තිබේ. නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව, එය ඉවත් කළ යුතු ආකාරය සහ අඛණ්ඩව එන්නත්කරණ වැඩපිළිවෙල සිදු කළ යුතු ආකාරය ආදිය පිළිබඳ නිර්දේශ, නිවේදනයක් මගින් එම සංගමය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මෙරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කාණ්ඩ 6ක් යටතේ ඔවුන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

වයස අවුරුදු 60ට වැඩි සියලු ම පුද්ගලයින්ට සහ අවුරුදු 18-60 අතර රෝගාබාධ සහිත පුද්ගලයින්ට ලබා දීම ප්‍රථම ප්‍රමුඛතාව ලෙස සලකා ඕනෑ ම එන්නතක් දිය යුතු බව, සිනොෆාර්ම් එන්නත මාත්‍රා දෙකක් ලබා ගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට 3 වන මාත්‍රාව ලබාදීම සංවිධානය කළ යුත්තේ 2 වන මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28 කට පසුව බව, ප්‍රතිශක්තිකරණය අඩු වයස අවුරුදු 12ට වැඩි, ඕනෑ ම එන්නතක මාත්‍රා දෙකක් ලබා ගත් පිරිසට දෙවන මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28 කට පසු තුන්වන මාත්‍රාව ලබා දිය යුතු බව ආදිය එම නිර්දේශ අතර වෙති.

මීට අමතරව නිරෝධායන ඇඳිරි නීති කාලය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් වාර්තා කරන ලද සහ දත්ත පිළිබඳ වාර්තා, රෝගීන් වැඩිවීම සහ රෝහල් ගත වීම පරීක්ෂණාගාරවලින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ වාර්තා සහ පසුගිය සති දෙක තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ වාර්තාව ආදිය සැලකිල්ලට ගෙන තීරණය කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

එමෙන් ම, රට නැවත විවෘත කර සාමාන්‍ය ක්‍රියාකාරකම්වලට යොමු වීම ක්‍රමයෙන් සිදු කළ යුතු බව ද ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

GalleryGallery