කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දෙන්නේ මෙහෙමයි
srilanka
Vaccsine
3rd dose
By Sithumi
කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට අදාළ ක්‍රමවේදය මේ වන විටත් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එමෙන්ම මාධ්‍ය හමුවකට එක්වෙමින් කාණ්ඩ හතරක් යටතේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
●වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට (මින් පෙර ඇස්ට්‍රාසෙනිකා මුල්වතාවේ හමාර කළ)
●පිළිකා, වකුගඩු රෝගවලින් පෙළෙන සියලුදෙනාට
●ලෙඩ රෝග, ආබාධවලින් පෙළෙන වයස අවුරුදු 30ත් 60 ත් අතර අයට
●සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්නට ඒ අනුව නිර්දේශ කර තිබේ.
මේ සියලු අයට ලැබෙන්නේ ෆයිසර් එන්නත වන අතර ඇස්ට්‍රාසෙනිකා මුල්වතාවේ හමාර කළ අයටද තුන්වැන්න ලෙස ෆයිසර් ලැබෙනු ඇත