කොවිඩ් තුන්වෙනි මාත්‍රාවෙන් ලැබෙන විශේෂ වරප්‍රසාදය මෙන්න
sri lanka
covid 19
vaccsine
3rd dose
vaccsination
By Sithumi
කොරෝනා එන්නත් තුන්වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලබාගැනීමෙන් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව සියයට 88ක රැකවරණයක් ලැබෙන බව බ්‍රිතාන්‍යය සිදුකළ නව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.
ඔමික්‍රොන් ආසාදනයෙන් රෝහල්ගත කිරීම එමගින් බොහෝදුරට වළක්වා ගත හැකි බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය සිදුකළ එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ. ශීඝ්‍ර සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය නොවැම්බරයේ දී බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු අතර මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
වෛද්‍ය විශේෂඥ මතය වී ඇත්තේ කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා මාස 6ක් ගත වූ පසු ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි ශක්‍යතාව සියයට 52 දක්වා පහත වැටෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |