පළමු මාස තුනේදී අලුත් වාහන 37463ක් ගෙනැත්ලු!
Economy of Sri Lanka
Department of Motor Vehicles
vehicle imports sri lanka
By Shehan
වර්ෂයේ පළමු මාස තුන තුළ යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන 37,463ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි කිරීම් ලෙස වාර්තා වී ඇත.
මෙහිදී යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්), ත්‍රිරෝද රථ 195ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ ලියාපදිංචි කිරීම් සිදු වී තිබේ.
2024 වසර තුළ මේ දක්වා වාහන 74,410ක් නව ලියාපදිංචි කිරීම් ලෙස වාර්තා වී ඇති අතර, එයින් මෝටර් රථ 1,644ක්, යතුරුපැදි 65,289ක්, ත්‍රිරෝද රථ 83ක් ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ ලියාපදිංචි කර ඇත.
