උසස් පෙළ විශිෂ්ටයන්ට ලක්ෂ 321ක් ප්‍රදානය

Report

 අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ටයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුවිය. ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 36.1ක් වැය කරමින් ග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

16 වෙනිදා සිට රටටම අවදානමක්

16 වෙනිදා සිට රටටම අවදානමක්

රටේ මානව සම්පත දියූණු කිරීම වෙනුවෙන් රජයක් ලෙස ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් අතර ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය අගමැතිනියගේ ඇගයීමට ලක් වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති,

“අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙනවා. ජනාධිපති අරමුදලේ කාර්යභාරය ගැන ඔබ කවුරුත් දන්නවා. ජනතාවට අයිති අරමුදල ඔබට තවදුරටත් සමීප කරවීමට අප කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත උසස් පෙළ විශිෂ්ටයන්ට යම් දිරි ගැන්වීමක් ලෙස තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ වගේම උසස් පෙළ සෑම විෂය ධාරාවකින්ම ඉහළින්ම ලකුණු ලැබූ සිසුසිසුවියන්ට තමන් කැමති විදේශීය විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද තීන්දු කර තිබෙනවා. මේ සඳහා අයැදුම් කරන ලෙසට ඔබ සියලු දෙනාට මා යෝජනා කර සිටිනවා. අප මානව සම්පත දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි. ලෝකයේ සංකීර්ණත්වය තේරුම් ගෙන මානව සම්පත බිහි කළ යුතුයි. ඒ මානව සම්පත බිහි කිරීමට රජයක් විදිහට ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්. ඒ වෙනුවෙන් 2026 සිට මේ රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. දැනුම අතින් පමණක් නොව, සෑම අතින්ම දක්ෂ පුරපුරක් අපට අවශ්‍යයි. විභාග සමත් වීම පමණක් අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය මේ රටට, ලෝකයට අවශ්‍ය හොඳ පුරවැසියෙක් බිහි කිරීමයි. ලෝකය තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නැහැ. අපිට ළඟඳීම අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව හොඳටම තේරුම් ගත්තා. අපි සංවර්ධනය, තාක්ෂණය මේ මොන දෙයක් ගැන කතා කළත්, ස්වභාවධර්මය සමඟ හැප්පෙන්න ගියාම අපි කොතරම් පුංචිද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපිට මේ සුළි සුළඟ විශාල පාඩමක් උගන්වා තිබෙනවා. මනුෂත්වය ස්වභාවධර්මය අමතක කර සංවර්ධනයක් ගැන හිතන්න බැහැ. ඒ පාඩම අප ඉගෙන ගත යුතුයි. පරිසරයට ආදරය කරන, ස්වභාවධර්මය ආරක්ෂා කරන, නායකත්වයක් තිබෙන, අනෙකා ගැන හැඟීමක් තිබෙන, වගකීමක් භාරගත හැකි මානව සම්පතක් බිහි කිරීම අපිට අවශ්‍යයි. ඔබට මේ කරන ඇගයීම තුළින් දෙයක් තේරුම්ගත යුතුයි. මේ කරන්නේ ඔබේ, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. මෙමඟින් ඔබ අපට වටින බව පෙන්නුම් කරනවා. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ තනිවම නොවෙයි. හොඳ පවුල් පරිසරයක් ඔබට තිබෙනවා. ඔබට හොඳ ගුරුවරුන් මුණගැසෙන්න ඇති. ඔබට අවශ්‍යම තැන්වල හරි මඟ පෙන්වූ නෑදෑයන්, ගුරුවරුන්, මිතුරන් ඉන්න ඇති. ඒ සියලු වරප්‍රසාද සමඟ තමයි ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ. සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත්වී තිබෙනවා. ඒ මැදිහත්වීම කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව කිව යුතුයි. ඔබ මෙතැනට ගෙන එන්න විශාල ව්‍යුහයක්, කණ්ඩායමක් මැදිහත් වී තිබෙනවා. එනිසා ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔබට වගකීමක් තිබෙනවා.” යයි අදහස් ප්‍රකාශ කළාය.