3500ක් අලුතෙන් රාජ්‍ය සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
Nalinda Jayatissa
By Wayomi
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින කාර්ය මණ්ඩල හිඟය සදහා ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 976 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.
ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය කාලයේ විදෙස් ගත වූ සියලු වෛද්‍යවරුන්ට මෙරටට පැමිණෙන ලෙසද ඉල්ලා සිටින බවයි.
එමෙන්ම, ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හෙළිදරව් කළේ මේ වන විට හදවත් රෝගීන් අවම විසි දහසක පමණ ප්‍රමාණයක් අදාල සැත්කම් සිදු කර ගැනීමට විවිධ රෝහල්වල පොරොත්තු ලේඛනවල රැඳී සිටින බවයි.
![පඩි සහිත අනිවාර්ය නිවාඩු යවයි. - ශ්‍රී ලංකාවේ විහිලුවට ලක් වූ ව්‍යාපෘතියක් ගැන ලෝක ධනවතා ඊලෝන් මාස්ක් හෙළි කරයි.](https://cdn.ibcstack.com/article/0f1b616f-7c41-4467-9f75-d2a1f9bda689/25-67a5edab1c7ac-sm.webp)
පඩි සහිත අනිවාර්ය නිවාඩු යවයි. - ශ්‍රී ලංකාවේ විහිලුවට ලක් වූ ව්‍යාපෘතියක් ගැන ලෝක ධනවතා ඊලෝන් මාස්ක් හෙළි කරයි.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)